පිළිකාව පැයෙන් විනාශ කරන අලුත්ම ඖෂධය
Thursday, 03 September 2020 - 10:21 | Views - 499
මී මැස්සන් දෂ්ඨ කිරීමේදී නිකුත් කරන විෂවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් පවතින බවට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණවලදී අනාවරණ වී තිබෙනවා.
විශේෂයෙන් පියයුරු පිළිකාසෛල විනාශ කිරීමේ හැකියාවක් මෙම විෂවලට පවතින බවටයි ඔවුන් සිදුකළ පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ.
විද්‍යාගාරයක් තුළ පිළිකා වර්ග දෙකක් සඳහා මොවුන් මී මැස්සන් නිකුත් කරන විෂ උපයෝගී කරගෙන පර්යේෂණ සිදුකර තිබෙනවා.
එම පර්යේෂණ මේ වනවිට සාර්ථක බවයි ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
එහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ මිනිත්තු 60ක් වැනි කෙටි වෙලාවක් තුළ මෙම විෂ මගින් පිළිකා සෛල විනාශ කිරීමට සමත්වන බවයි.
එහෙත් තවදුරටත් මෙය වැඩිදියුණු කළ යුතු බවද ඔවුන් ප්‍රකාශ කළා.
ලොව කාන්තාවන්ට වැඩියෙන්ම වැළඳෙන පිළිකා වර්ගය බවට පියයුරු පිළිකා හඳුනාගෙන තිබෙනවා.
Share This Article