මට හිතුණා ඒ වගේ දෙයක් ගැන ඇයි මගේ යහළු යෙහෙළියනට කියලා ඔවුන්ව කලබල කරන්නේ කියලා. ඒකයි නිහඬව හිටියේ
Thursday, 03 September 2020 - 10:17 | Views - 387
වෛද්‍ය ප්‍රතිකාර ලබමින් හොඳීන් ඉන්නවා. නීරෝගීකම තමයි උතුම් සම්පත. ඒකටනේ අපි හැමෝම වෙහෙසෙන්නේ. මට ඒ නිරෝගී සුවය නැති වුණා. කෙලින්ම කිව්වොත් මට පිළිකාවක් වැලඳුනා. ලෝකේ මට ඇහුණු අමිහිරිම ආරංචිය ඒක. ඒත් මගේ වාසනාවට ඒක කල් තියා හඳුනගන්න පුළුවන් වුණා. වෛද්‍යවරු යුහුසුලුව ක්‍රියා කරලා මට ට්‍රීට්මන්ට් කළා. තවමත් ඒවා ඒ විදිහටම කරනවා. මට මේ තත්ත්වෙන් ඉන්න පුළුවන් වුණේ රෝගය කල් තියා හඳුනගත්තු නිසා. මේ වෙලාවේ මම පින් දෙනවා මට නැවත ජීවිතේ දුන්නු වෛද්‍යවරුන්ට.

ඔබ අසනීප වෙලා කියලා ඔබේ ඇතැම් සමීපතමයන් පවා දන්නේ නැහැ?
කැන්සර් එකක් කියන්නේ හැමෝම බය අසනීපයක්. ඒ වගේම නීරස මාතෘකාවක්. මට හිතුණා ඒ වගේ දෙයක් ගැන ඇයි මගේ යහළු යෙහෙළියනට කියලා ඔවුන්ව කලබල කරන්නේ කියලා. ඒකයි නිහඬව හිටියේ. ඒත් හැමදාම එහෙම ඉන්නත් බැහැනේ. මගේ බෙහෙත්හේත්වලට වුණත් හැකි පරිදි අපිම වියදම් කරගන්නවා.

මේ මොහොතේ ඔබේ නම භාවිත කරමින් අකටයුතුකම් සිදුවෙනවා කියලා ඔබේ මුහුණුපොතේ සඳහන් කරලා තිබුණා?
ඔව්. අවස්ථාවාදීන් කොහෙත් ඉන්නවානේ. මගේ නමින් ව්‍යාජ ගිණුම් කිහිපයක් මේ වනවිටත් හැදිලා. ඒවාවල මගේ විස්තර සේරමත් දාලා. සමහරු මගේ අසනීපය භාවිත කරමින් මුදල් එහෙමත් ඉල්ලලා තියෙනවා කියලත් ආරංචියි. මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ ඒවාට රැවටෙන්න එපා කියලා.

ප්‍රසාද් සමරතුංග
සරසවිය

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top