ගොතටුව - ජයමාවතේ නිවසක සිරවී සිටි පිරිසක් බේරාගැනීමට පියවර
Thursday, 03 September 2020 - 10:10 | Views - 423
ගොතටුව - ඇල්ලව - ජයමාවත ප්‍රදේශයේ නිවසක ඉදිරිපස කොටසක් කඩාවැටීමෙන් සිරවී සිටි පිරිසක් බේරාගැනීමට යුද හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ මෙහෙයුම් මැදිරිය සඳහන් කළේ සිය නිලධාරීන් පස්දෙනෙකු සහ යුද හමුදා සාමාජිකයින් 10 දෙනෙකු මේ සඳහා යොදවා ඇති බවයි.
කෙසේ වෙතත් නිවැසියන් අදාළ නිලධාරීන් එම ස්ථානයට යෑමට පෙර ඉනිමගක් ආධාරයෙන් නිවසින් පිටතට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.
එම නිවසේ ගරාජයේ ඉහළ කොටස කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
Share This Article