මිණිබිරියට අතවර කළ සීයා අත්අඩංගුවට
Thursday, 03 September 2020 - 9:43 | Views - 167
නිවසේදී වයස අවුරුදු දහ හතරක සිය මිණිබිරිය අපයෝජනය කළ බව කියන ඇයගේ හැටපස් හැවිරිදි සීයා ඊයේ (2දා* අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලිසිය පැවසීය.

වෙනත් පළාතක පදිංචි මෙම දහහතර හැවිරිදි මිණිබිරිය සිය සීයාගේ නිවසට පැමිණ සිටියදී සීයා විසින් රාත‍්‍රී කාලයේදී මෙම අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

පසුව මෙම දැරිය පාසල් ගොස් සිටියදී ඇයගේ හැසිරීමේ වෙනසක් දැක සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී විදුහලේ විදුහල්පතිවරයාට මේ බව පැවසීමෙන් පසු විදුහල මගින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අපයෝජනයට ලක්වුණ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බදුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බදුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප‍්‍රිය මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top