මිණිබිරියට අතවර කළ සීයා අත්අඩංගුවට
Thursday, 03 September 2020 - 9:43 | Views - 168
නිවසේදී වයස අවුරුදු දහ හතරක සිය මිණිබිරිය අපයෝජනය කළ බව කියන ඇයගේ හැටපස් හැවිරිදි සීයා ඊයේ (2දා* අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලිසිය පැවසීය.
වෙනත් පළාතක පදිංචි මෙම දහහතර හැවිරිදි මිණිබිරිය සිය සීයාගේ නිවසට පැමිණ සිටියදී සීයා විසින් රාත්‍රී කාලයේදී මෙම අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.
පසුව මෙම දැරිය පාසල් ගොස් සිටියදී ඇයගේ හැසිරීමේ වෙනසක් දැක සිදු කළ ප්‍රශ්න කිරීමේදී විදුහලේ විදුහල්පතිවරයාට මේ බව පැවසීමෙන් පසු විදුහල මගින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අපයෝජනයට ලක්වුණ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
Share This Article