බාල වයස්කාර දරුවන් සිව්දෙනෙකුට නරුම වැඩක් කළ සෙබළා රිමාන්ඩ්
Thursday, 03 September 2020 - 9:35 | Views - 424
බාල වයස්කාර දරුවන් සිව්දෙනකු අපයෝජනයට ලක් කළ බවට ලද පැමිණිල්ලක් අනුව යුද හමුදා සෙබළකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපයෝජනයට ලක් කළ බව කියන කුඩා දරුවන් සිවු දෙනා අතර එක් පිරිමි දරුවකු ද සිටින බව පැවසේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකාර සෙබළා සත් දරු පියකු බවත් ඔහු 38 හැවිරිදි අයකු බවත් සඳහන් වෙයි.
අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ලබන 08 වැනිදා දක්වා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් දුමින්ද ප‍්‍රභාත් මුදුන්කොටුව මහතා විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ඩබ්ලිව්. එස්. උවින්දසිරි මහතා වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Share This Article