සිය දරුවාට කෘත්‍රිම පාදයක් ලබාගැනීමට සහය දෙන්නැයි මවක් ඉල්ලයි
Thursday, 03 September 2020 - 8:39 | Views - 360
පාදයක ආබාධයක් සහිතව උපන් දරුවෙකු යකඩවලින් සකස් කරන ලද ආධාරකයක් සවිකරගෙන පාසල් යන පුවතක් දඹුල්ල - ඇරැව්වල ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ මෙම දරුවා ඉගෙනුම ලබන්නේ දඹුල්ල ඩී.එස්. සේනානායක මහා විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේයී.
තම දරුවාට කෘත්‍රිම පාදයක් ලබාදීමට නොහැකි නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි මව සඳහන් කළේ.
යකඩ ආධාරකයක් සිය ආබාධිත පාදයේ සවිකරගෙන ඇවිදීම දරුවාට අපහසු වුවත් එය විඳ දරාගෙන ඔහු සිය අධ්‍යයන කටයුතු සිදුකරන බවයි ඇය කියා සිටියේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දරුවාගේ මවගේ අංකය වන 0762090069 වෙත අමතන්න.
Share This Article