අලියා මට පහර දෙද්දී දරුවෝ දෙන්නා බේරුණේ ගස් යට හැංගිලා
Thursday, 03 September 2020 - 8:33 | Views - 491
වල් අලියකු පහරදී බරපතළ තුවාල ලබා ආබාධිත වූ තරුණ තිදරු කාන්තාවක් පිළිබඳ පුවතක් බකමූණ සිරිකදුරුයාය ගම්මානයෙන් වාර්තා වෙයි.

අලියකුගේ පහරදීම නිසා කකුලකට හා අතට බරපතළ තුවාල සිදුව එක්තැන්ව අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටිනුයේ සිරිකදුරුයාය ගම්මානයේ පදිංචි ඩබ්ලිව්. ඒ. ඉරේෂා නිශාන්ති නමැති 37 හැවිරිදි කාන්තාවකි.

මාරයා සමග සටන් කර ජීවිතය බේරාගත් ඉෂාරා නිශාන්ති තමාට මුහුණ පෑමට සිදු වූ සිදුවීම විස්තර කරමින් පැවසුවේ මෙවන් කතාවකි.

දිනය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. දිනය ඉකුත් නොවැම්බර් 30 වැනිදා. වෙලාව උදේ 6 .30 පමණ ඇති. මගේ ලොකු දුවටත් පොඩි දුවටත් උණ හැදුණා. බකමූණ රෝහලෙන් බෙහෙත් ගන්න මමත් දුවලා දෙන්නත් එක්ක නිවසින් පිටවුණා. අපේ ගමේ සිට බකමූණට බස් එක පිටත් වෙන්නේ උදේ 6.45ට. එනිසයි අපි උදෙන්ම නිවසින් පිටවී ගියේ. අපි තිදෙනා මාර්ගයේ යන විට සුසාන භූමිය අසලින් ගමන් කරද්දී වත්තක සිට අලියකු දුවගෙන ආවා. අලියා මට පහර දුන්නා. මම පාරේම වැටුණා.

මට පහර දුන් අලියා දරුවන් දෙදෙනා පස්සේ එළෙව්වා. ලොකු දුවත් පොඩි දුවත් ගහක් යට සැඟවුණා. මේ අවස්ථාවේ තාත්තා දුවගෙන ඇවිත් කෑගැසුවා. අලියා නැවතත් මා ළඟට එන විට නැවතත් තාත්තා කෑගැසුවා. අලියා නැවත කැලෑවට ගියා. මගේ තාත්තා ආව නිසයි මාත් දරුවන් දෙදෙනත් ජීවිත බේරාගත්තේ.

තාත්තා සමග මගේ මහත්තයා එක්වී අපව රෝහලට ගෙනාවා.

අලියාගෙන් බේරීමට ගසක් යට සැඟවී ජීවිත බේරාගත් ඉරේෂාගේ වැඩිමහල් දියණිය වන සඳලි චාලිකා (අවුරුදු 14යි* මෙම බිහිසුණු අත්දැකීම විස්තර කරමින් මෙසේ කීවාය. උදෙන්ම අම්මාත් මාත් නංගිත් බකමූණට යන්න අතු පාරේ දිගේ යන විට අලියා වත්තක ඉඳලා පාරට ආවා. ඇවිත් අම්මට පහර දුන්නා. අම්මා බිම වැටුණා. මම දුවලා ගහක් යට සැඟවුණා. නැවත වටපිට බලා ගෙදරට දුවලා ගිහින් තාත්තාට කිවුවා. තාත්තා ඇවිත් අම්මා රෝහලට අරන් ගියා.

හත් හැවිරිදි නිපුනි ශානිකා - අම්මයි තාත්තයි තමයි කුලී වැඩට ගිහින් අපිට කන්න අඳින්නත්, පාසල් යන්නත් උදවු කළේ. දැන් පොත්පත් ගන්න මුදල් නොමැති නිසා පාසල් යන්නේ නෑ.

මේ ඉරේෂා නිශාන්තිගේ දරුවන්ගේ දුක්බර කතා පුවතයි.

අලියාගේ පහර දීමෙන් අතකට හා කකුලට බරපතළ තුවාල ලබා ආබාධිත වී ඇඳකට වී දුක් බර ජීවිතයක් ගත කරන අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටින ඉරේෂාට කාගේවත් පිහිටක් නැත. වන්දියක් ඉල්ලා ඇලහැර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා ඇලහැර වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කළත් මේ වන තෙක් වන්දි මුදලක් ලැබී නැත. දරුවන් ජීවත් කරන්න, දරුවන් පාසල් යවන්න ආදායම් මාර්ගයක් නොමැතිව ඇය අසරණව සිටියි. තව ද ඇය ප‍්‍රතිකාර ලබනුයේ පොලොන්නරුව මහ රෝහලෙනි.

රෝහලට වාහනයකින් යන්න අවශ්‍ය වෙන්නේ බස් රථයකින් ගමන් කරන්න අපහසු නිසාය.

එක් වරකට ත‍්‍රිරෝද රථයකින් ගිහින් එන්න රුපියල් 3000ක් අවශ්‍ය වන බව ඉරේෂා කියයි.

ගමේ අය උදව් කළත් සෑම දිනකම ඔවුන්ට එසේ උදව් උපකාර කරන්න අපහසු බව ද ඇය පවසයි. එදිනෙදා කුලී වැඩක් කර ජීවත්වූ මේ දරු පවුලට රජය හෝ දානපතියකු උදව් කරන්නේ නම් පිනක් බව ඉරේෂා සඳහන් කරයි.

ඇලහැර නිශ්ශංක වෙලගෙදර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top