චම්පික රණවකට සම්බන්ධ රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් අද අධිකරණය දුන් නියෝගය
Wednesday, 02 September 2020 - 16:46 | Views - 3,041
චම්පික රණවකට සම්බන්ධ රාජගිරිය රිය අනතුරේ මුල් නඩු ගොනුව කැඳවන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු සැකකරුවන්ට අදාළ ඇප කොන්දේසි ඉවත් කිරීම සඳහා, මුල් නඩු ගොනුව මහාධිකරණයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අද නියෝග කළා.
ඒ නඩුව සම්බන්ධයෙන් සැකකරුවන්ගේ පාර්ශවයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.
නීතිපතිවරයා විසින් සැකකරුවන්ට අධි චෝදනා ගොනුකර ඇති බැවින් මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම ඇතුළු ඇප කොන්දේසි ඉවත් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලා තිබෙනවා.
නඩුව යලි ඔක්තෝම්බර් 7 වනදා කැඳවීමට නියමිතයි.
Share This Article