චම්පික රණවකට සම්බන්ධ රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් අද අධිකරණය දුන් නියෝගය
Wednesday, 02 September 2020 - 16:46 | Views - 3,042
චම්පික රණවකට සම්බන්ධ රාජගිරිය රිය අනතුරේ මුල් නඩු ගොනුව කැඳවන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු සැකකරුවන්ට අදාළ ඇප කොන්දේසි ඉවත් කිරීම සඳහා, මුල් නඩු ගොනුව මහාධිකරණයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අද නියෝග කළා.

ඒ නඩුව සම්බන්ධයෙන් සැකකරුවන්ගේ පාර්ශවයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

නීතිපතිවරයා විසින් සැකකරුවන්ට අධි චෝදනා ගොනුකර ඇති බැවින් මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම ඇතුළු ඇප කොන්දේසි ඉවත් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලා තිබෙනවා.

නඩුව යලි ඔක්තෝම්බර් 7 වනදා කැඳවීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top