යාචකයෙකු ලෙස ගම්පොළ බස්පොළේ සිටි කාන්තාව, වලව්වක කුමාරිහාමි කෙනෙකු බව හෙළි වූ හැටි
Wednesday, 02 September 2020 - 16:04 | Views - 1,256
ගම්පොළ ශ්‍රී ලංගම බස් පොළ තාවකාලික නවාතැනක් කරගනිමින් සිටි කාන්තාවක කෝටිපති වලව්වක ජීවිතය ගත කළ කාන්තාවක බවට හඳුනා ගැනීමට හැකි වූ බව ගම්පොළ පොලිසිය සඳහන් කළා.
 
එම කාන්තාව සතුව තිබූ අත් බෑගය සොරකම් කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරු මත කළ සොයා බැලීමේදී එම බෑගය සොයා ගැනීමත් සමඟ මෙම තොරතුරු හෙළි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

දින ගණනාවකට පෙර මෙම කාන්තාව බස් නැවතුමේ තනිව සිටිනවා දුටු ගම්පොළ ඩිපෝවේ කළමණාකාර නවරත්න බණ්ඩාර මහතා ඇයට රාත්‍රී කාලය ගත කිරීමට වේලා සටහන් කාමරය ලබා දී තිබුණා.
 
ඇය බස් නැවතුමේ සිටියදී 29 රාත්‍රීයේදී ඇය සතු බෑගය රැගෙය යම් අයෙකු පලා ගොස් ඇති බවට ගම්පොළ පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
 
එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ, බෑගයේ රුපියල් ලක්ෂ අටක්‍, රන් මාලයක්, වළළු අටක්, බැංකු පොත් ඇතුළු වටිනා දේ රාශියක් තිබූ බවයි.
 
යාචක කාන්තාවක ලෙස බස් නැවතුවේ දිවි ගෙවන ඇයගේ කතා කිසිවකු විශ්වාස නොකළද ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඇරඹීමට උපදෙස් ලබා දී තිබෙනවා.
 
එම සැකකරු එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ ගෙන බෑගය කසළ ගොඩක සඟවා තබා ඇති අතර පසුව බෑගය සොයා ගෙන ඇති බව සඳහන්.
 
එම බෑගය පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාව බැංකුවේ ස්ථිරි තැන්පත් කර ඇති ලක්ෂ 65ක් ඇති බව තහවුරු වී ඇති අතර සැකකරු ළඟ තිබී රුපියල් හැත්තෑ පන්දහසක් සොයා ගෙන තිබෙනවා.
 
ඇය සතු තවත් දේපළ රාශියක් ඇති බවද තහවුරු කරගත් පොලිසිය වහාම ඇය පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.
 
සුරංග රාජනායක විසින් ලංකාදීප පුවත්පතට ලියූ ලිපියකි.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top