ෆෝන් ඕෆ් කරලා මල් ටිකක් අතට ගන්න- තරුණයින්ට දුන් වටිනා ඔවදන
Wednesday, 02 September 2020 - 15:02 | Views - 470
සේරුවාවිල මංගල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික නිකිණි මහා පුජෝත්සවය ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.
ඒ මහා සංඝරත්නයේ සහ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
සේරුවාවිල මංගල රජ මහා විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික නිකිණි මහා පුජෝත්සය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ 96වන වරටයි.
බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් කාවන්තිස්ස රජ සමයේ මෙම චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සදහන්.
දින 7ක් පුරාවට සංයුත්ත නිකායේ සුත්‍ර සජ්ජායනා කිරීමෙන් අනතුරුවයි මෙම පුජෝත්සවය පැවැත්වුණේ.
Share This Article