නිදාගෙන සිටි තරුණියකගේ කටින් ශරීරයට ඇතුල් වූ අඩි හතරක සර්පයා පිටට ගත් හැටි
Wednesday, 02 September 2020 - 12:44 | Views - 2,504
තරුණියක එළිමහනේ රාත්‍රියේ නිදා සිටින විට අඩි හතරක සර්පයකු ඇයගේ මුඛයෙන් ශරීරයට ඇතුළු වූ පුවතක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ රුසියාවේ Dagestan කියන ගම්මානයේ ජිවත් වෙන තරුණියක සම්බන්ධයෙන්.
වහාම එම තරුණියව රෝහල් ගත කර නිර්වින්දනය කර ශරීරගතව තිබු සර්පයාව ඉවතට ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.
එම සර්පයාව පිටට ගන්නා විට ජිවත්ව සිටියාද යන්න වාර්තා වන්නේ නැහැ. තරුණියගේ ශරීරයේ විස තැන්පත්ව ඇතිද යන්න පරික්ෂා කරන අතර ඊට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති බවත් සඳහන්. එම වීඩියොව මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් නැරඹු වීඩියෝව බවට පත්ව ඇති බවත් සඳහන්.
Share This Article