පැරණි පෙම්වතාට දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ගෙන්වාගෙන, අලුත් පෙම්වතා සමඟ එක්වී පෙම්වතිය කළ අපරාධය
Wednesday, 02 September 2020 - 12:38 | Views - 488
පැරණි පෙම්වතාට ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ගෙන්වාගෙන නව පෙම්වතා සමග එක්ව පැරණි පෙම්වතා තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකාර පෙම්වතිය සහ සැකකරුවන් තිදෙනකු ඇතුළු සිවුදෙනා ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළා.
 
එක් අයකුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණු අතර කටුනායක හීනටියන පදිංචි ආර්. එච්. දිනේෂ් මධුසංඛ සහ ආර්. එච්. මහේෂ් මධුසංඛ යන අයියා මලෝ දෙදෙනාත් පී. බුද්ධික පේ‍්‍රමරත්න සහ ඇහැටුවැව පදිංචි ජේ. එම්. සුබෝධා දිල්රුක්ෂි ජයසිංහ යන සැකකරුවන් සහ සැකකාරිය මෙසේ ඇප මත මුදා හැර තිබුනා.

සැකකරුවන් සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතව තිබුනා.
 
තුවාලකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කළ මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුවන්ට සහ සැකකාරියට මෙසේ ඇප නියම කළා.
 
දංකොටුව ප‍්‍රදේශයේ පදිංචි තුවාලකරු සහ සැකකාරිය කටුනායක ආයෝජන කලාපයේ රැකියාවන් කරන අය බවත් කැපුම් තුවාල ලැබූ පෙම්වතා සැකකාර පෙම්වතියට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ සැකකාරිය සමඟ සැකකාර නව පෙම්වතා සිට තිබෙනවා.
 
කෝල් කරන්නේ කවුරුන්ද යන්න සැකකරු සැකකාරියගෙන් විමසූ විට කොල්ලෙක් කෝල් කර නිතර නිතර කරදර කරන බව සැකකාරිය සැකකරුට පවසා ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.
 
ඉන් කෝපයට පත් සැකකරු තම පෙම්වතිය වූ සැකකාරියගේ ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා සැකකාරියගේ පැරණි පෙම්වතාව කටුනායක, කෝවින්න ප‍්‍රදේශයට ගෙන්වාගෙන කඩු පහර එල්ල කර ඇති බවත් පැමිණිල්ල මෙහෙයවමින් කටුනායක පොලිසියේ උ.පො.ප. ජිනපි‍්‍රය මුදන්නායක මහතා අධිකරණය හමුවේ පැවසීය. නඩුව නැවත කැඳවීමට නියම කෙරිණි.
 
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top