ඇමෙරිකානු සත්වෝද්‍යානයක වඳුරන් සමඟ ප්‍රදර්ශනය කෙරුණු අප්‍රිකානු දරුවෙක්
Wednesday, 02 September 2020 - 12:06 | Views - 422

ඔටා බෙන්ගා(Ota Benga) නම් අප්‍රිකානු දරුවා 1904 වසරේ පැහැරගනු ලැබ තිබුණේ ප්‍රදර්ශනයකට තැබීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙනයාම සඳහාය. ඔහු පැහැරගනු ලැබ තිබුණේ අද කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යනුවෙන් හැඳින්වෙන භූමියෙනි.
ඔටා බෙන්ගාට කුමක් සිදුවීද? යන්න මුල්කරගත් ඔහු මුහුණදුන් ඉරණම වසන් කිරීම සඳහා දශක ගණනාවක් ගෙන ඇති ප්‍රයත්නය සම්බන්ධයෙන් එම සිදුවීමට අදාළ සවිස්තරාත්මකව ලියා ඇති මාධ්‍යවේදිනී පැමලා නිව්කර්ක් (Pamela Newkirk)එම කරුණ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන්නීය.
අප්‍රිකානු ළමයෙක් නිව් යෝර්ක් නගරයේ 'බ්‍රොන්ක්ස්' (Bronx Zoo) සත්වෝද්‍යානයෙහි වඳුරු කූඩුවක ප්‍රදර්ශනය සඳහා තබනු ලැබීම ප්‍රධාන සිරස්තල මට්ටමින් ජාත්‍යන්තර අවධානයට ලක්වීමෙන් සියවසකටත් වැඩි කාලයකට පසු අවසානයෙහි ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකරනු ලැබ ඇත.
කොංගෝ සම්භවයක් සහිත ඔටා බෙන්ගා 1906 වසරේ ඉහත කී පරිදි ප්‍රදර්ශනයට තැබීම සම්බන්ධයෙන් වනසත්ව සංරක්‍ෂණ සමාජය සමාව ඉල්ලා ඇත්තේ ඇමෙරිකානු පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් කළු ජාතිකයාගේ ගෙල සිරකොට මරාදැමීම දැක්වෙන වීඩියෝ පටය ප්‍රචාරය වීමත් සමඟ එය මුල්කර ගනිමින් ලෝකය පුරා විරෝධතා ව්‍යාපාර පැතිර යද්දී එක්සත් ජනපදය තුළ වර්ගවාදය බල පැවැත්වෙන ආකාරය යළි ප්‍රදර්ශනය වීමත් සමඟය.
වනජීවී සංරක්‍ෂණ සමාජයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටියන් සාම්පර් (Cristian Samper) ''ඔටා බෙන්ගා පිළිබඳ කාරණය වනසත්ව සංරක්‍ෂණ සමාජයේ ඉතිහාසය දෙස හැරී බැලීම සහ ඇමෙරිකානු ආයතනයන්හි මුල්බැසගත් වර්ගවාදය පිළිබඳව අවධානය යොමුකිරීම අතින් වැදගත් වන'' බව සඳහන් කළේය.
ඔටා බෙන්ගා 'බ්‍රොන්ක්ස්' සත්වෝද්‍යානයේ වඳුරු කූඩුවක් තුළ පළමුවරට ප්‍රදර්ශනය කරනු ලැබ තිබෙන්නේ 1906 සැප්තැම්බර් මස 09 වෙනිදාය. එදිනට පසුදා පටන් බෙන්ගා නිදහස් කරන තෙක් එය ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම යුරෝපයේ පුවත්පත්වල, මහජනයා හුස්ම නොහෙළා කියවන ලද ප්‍රධාන පුවතක් බවට පත් විය. 1906 සැප්තැම්බර් මස 28 වෙනිදා බෙන්ගා වඳුරු කූඩුවෙන් මුදාහැර ඇත.
'බ්‍රොන්ක්ස්' සත්වෝද්‍යානය පවත්වාගෙන යනු ලබන වනසත්ව සංරක්‍ෂණ සමාජය විසින් එම සිද්ධිය පිළිබඳ පූර්ණ විනිවිදභාවය සහිතව කටයුතු කරනු ලබන බවට එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටියන් සාම්පර් ප්‍රතිඥාවක් දී ඇත.
එහෙත් එම කල්පසු වූ සමාව අයැදීම කෙරුණේ එවැනි පියවරක් ගැනීම දීර්ඝ කාලයක් පුරා ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවය.
BBC
Share This Article