සියලු දෙනාවම පුදුම කරවමින්, සුපිරි කොලිවුඩ් නළු සූර්යා ගත් තීරණය මෙන්න
Wednesday, 02 September 2020 - 11:50 | Views - 349
දමිළ සිනමාවේ සුපිරි නළුවකු වන සූර්යා තමන්ගේ නවතම චිත්‍රපටිය වන soorarai pottru ඔක්තෝබර් මස 30 වනදා අන්තර්ජාලය ඔස්සේ තිරගත කිරීමට තීරණය කර තිබෙනවා.
ඉන් ලැබෙන ආදායමෙන් කෝටි 5ක් ආධාර ලෙස බෙදා දීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.
ඉන් කෝටි 1.5ක මුදලක් මේ වනවිටත් චිත්‍රපටිශාලා හිමියන් වෙත ලබාදී ඇති බව ද සඳහන්.
තවත් කෝටි 2.5ක මුදලක් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ඇති බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
එම මුදල කොරෝනා මර්දන කිරීමේ කාර්යයෙහි නිතර වන වෛද්‍ය අංශයේ අය වෙතත්, අදාළ වෛරස් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වන උදවියගේ අවසන් කටයුතු සිදු කරන ආදාහනාගාර සේවකයින්ගේ දරුවන් වෙත ලබා දීමට නියමිතයි.
ඉතුරු මුදල් චිත්‍රපටි ක්ෂේත්රයේ නියැලෙන පිරිස් වෙත ලබා දීමට තීරණය කර ඇති බව ද සූර්යාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Share This Article