මුහුදේ සුළං තත්ත්වයේ ඉහළ යාමක්
Wednesday, 02 September 2020 - 11:28 | Views - 387
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම සුළං තත්ත්වය ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍රදේශවලට ද බලපා හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර් 50ත් 55ත් දක්වා ඉහළ යා හැකි බව ද සඳහන්.
මේ හේතුවෙන් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Share This Article