හැටන් බොස්කෝ විදුහලට අද පැමිණි සිසුන්ව නැවත නිවෙස් වෙත රැගෙන යයි
Wednesday, 02 September 2020 - 11:05 | Views - 951
හැටන් කලාප අධ්‍යාපන අයත් හැටන් බොස්කෝ විදුහලට අද (02) දින පැමිණි 6 ශ්‍රේණියේ සිසුන් 100 කට ආසන්න පිරිසක් ආපසු තම නිවාස වලට රැගෙන යාමට දෙමව්පියන් කටයුතු කර තිබුණා.

හැටන් බොස්කෝ විදුහලේ අවුරුදු 80 කට වඩා ඉපැරණි ගොඩනැගිල්ලේ 6 ,7 ශ්‍රේණිවල පන්ති පවත්වාගෙන යන බවත්, ඉන් 6 ශ්‍රේණියේ සිසුන් අධ්‍යාපනය ලබන ගොඩනැගිලි කොටස දැඩිව අබලන්ව නිසා පවතින වාර්ෂාවත් සමග සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අපහසු බව පවසමින් දෙමව්පියන් සිය දරුවන් ආපසු නිවාස කරා රැගෙන ගොස් ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපාද යටතේ හැටන් බොස්කෝ විදුහලට තෙමහල් ගොඩනැගිල්ලක් අලුතින් ඉදි කර ඇති අතර, එම ගොඩනැගිල්ල තුල 6 සහ 7 ශ්‍රේණි වල පන්ති පවත්වාගෙන යාමට හැකියාව තිබියදි විදුහල්පතිවරයා විසින් එම ශ්‍රේණිවල සිසුන් නව ගොඩනැගිල්ලට ඇතුලත් කර නොගන්නා බවයි දෙමව්පියන් චෝදනා කර සිටින්නේ.

නව ගොඩනැගිල්ල විවෘත කර එහි අධ්‍යාපන කටයුතු ආරම්භ කරන තෙක් තම දරුවන්ව අධ්‍යාපන කටයුතු සදහා පාසලට ඒවිමෙන් වැලකි සිටිමට දෙමව්පියන් අද (02) දින තිරණය කර ඇති අතර විදුහලට පැමිණි දෙමව්පියන් නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන ලෙස බලකරමින් විදුහල්පතිවරයාට ලිපියක්ද භාර දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top