හැටන් බොස්කෝ විදුහලට අද පැමිණි සිසුන්ව නැවත නිවෙස් වෙත රැගෙන යයි
Wednesday, 02 September 2020 - 11:05 | Views - 952

හැටන් කලාප අධ්‍යාපන අයත් හැටන් බොස්කෝ විදුහලට අද (02) දින පැමිණි 6 ශ්‍රේණියේ සිසුන් 100 කට ආසන්න පිරිසක් ආපසු තම නිවාස වලට රැගෙන යාමට දෙමව්පියන් කටයුතු කර තිබුණා.
හැටන් බොස්කෝ විදුහලේ අවුරුදු 80 කට වඩා ඉපැරණි ගොඩනැගිල්ලේ 6 ,7 ශ්‍රේණිවල පන්ති පවත්වාගෙන යන බවත්, ඉන් 6 ශ්‍රේණියේ සිසුන් අධ්‍යාපනය ලබන ගොඩනැගිලි කොටස දැඩිව අබලන්ව නිසා පවතින වාර්ෂාවත් සමග සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අපහසු බව පවසමින් දෙමව්පියන් සිය දරුවන් ආපසු නිවාස කරා රැගෙන ගොස් ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපාද යටතේ හැටන් බොස්කෝ විදුහලට තෙමහල් ගොඩනැගිල්ලක් අලුතින් ඉදි කර ඇති අතර, එම ගොඩනැගිල්ල තුල 6 සහ 7 ශ්‍රේණි වල පන්ති පවත්වාගෙන යාමට හැකියාව තිබියදි විදුහල්පතිවරයා විසින් එම ශ්‍රේණිවල සිසුන් නව ගොඩනැගිල්ලට ඇතුලත් කර නොගන්නා බවයි දෙමව්පියන් චෝදනා කර සිටින්නේ.
නව ගොඩනැගිල්ල විවෘත කර එහි අධ්‍යාපන කටයුතු ආරම්භ කරන තෙක් තම දරුවන්ව අධ්‍යාපන කටයුතු සදහා පාසලට ඒවිමෙන් වැලකි සිටිමට දෙමව්පියන් අද (02) දින තිරණය කර ඇති අතර විදුහලට පැමිණි දෙමව්පියන් නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන ලෙස බලකරමින් විදුහල්පතිවරයාට ලිපියක්ද භාර දී තිබෙනවා.
Share This Article