21 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලා
Wednesday, 02 September 2020 - 10:47 | Views - 534
මාතර - පස්ගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුන් දෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ගැටුමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පස්ගොඩ - මලුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති අතර, පහර දුන් පුද්ගලයා ද මේ වන විට තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article