මෝටර් රථයක් පෙරලීමෙන් කථිකාචාර්යවරු 5කට තුවාල
Wednesday, 02 September 2020 - 9:54 | Views - 448
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (02) අලුයම 2.50ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.
බදුල්ල - මහියංගනය මාර්ගයේ සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී අඩි 40ක් පමණ ප්‍රපාතකට පෙරළී අනතුර සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පැවසුවේ.
අනතුරින් කථිකාචාර්යවරියන් සිව්දෙනෙක් හා කථිකාචාර්යවරයෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර තුවාල ලැබු කථිකාචාර්යවරියන් අතර ගැබිනියක් ද වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
මෝටර් රථය පැදවූ කථිකාචාර්යවරයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වෙන්න ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share This Article