මෝටර් රථයක් පෙරලීමෙන් කථිකාචාර්යවරු 5කට තුවාල
Wednesday, 02 September 2020 - 9:54 | Views - 449
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (02) අලුයම 2.50ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.

බදුල්ල - මහියංගනය මාර්ගයේ සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී අඩි 40ක් පමණ ප්‍රපාතකට පෙරළී අනතුර සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පැවසුවේ.

අනතුරින් කථිකාචාර්යවරියන් සිව්දෙනෙක් හා කථිකාචාර්යවරයෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර තුවාල ලැබු කථිකාචාර්යවරියන් අතර ගැබිනියක් ද වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මෝටර් රථය පැදවූ කථිකාචාර්යවරයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වෙන්න ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top