විස්ස අද කැබිනට් මණ්ඩලයට
Wednesday, 02 September 2020 - 9:45 | Views - 418
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එහි කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහාද යොමුකර ඇති බව ඊයේ වාර්තාවුණා.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේද, 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබූ ජනපතිවරයාගේ ධුර කාලය වසර 5ක් ලෙස එලෙසම පවතිනු ඇති. එමෙන්ම, ජනාධිපති ධුරය දැරීම අවස්ථා දෙකකට සීමා කිරීමට අදාළ කොටස ද එලෙසම පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර අමාත්‍ය විමල් වීරවංශ කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍යවරුන්ට මේ වනවිට ලැබී ඇති බවයි.
Share This Article