ඉදිරි පැය 12තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අඛණ්ඩව වැසි
Wednesday, 02 September 2020 - 8:51 | Views - 384

පැවති වියළි කාලගුණ තත්ත්වය නිමා කරමින් ඊයේ පස්වරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැලෙමින් පවතිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවයක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
එය අද දිනයේ ද අපේක්ෂා කරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවේ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70, 80 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
අද අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තටයි. එය මිලිමීටර් 286.5ක්.
එම දිස්ත්‍රික්කයේම කෙසෙල්හේනව ප්‍රදේශයට මිලිමීටර් 245.5ක වර්ෂාපතනයක් සහ හොරණට මිලිමීටර් 225.5ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ ප්‍රදේශයට මිලිමීටර් 210ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.
වර්ෂාවත් සමඟ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළා.
මධ්‍යම කඳුකරයට මේ වන විට වැසි ඇද හැලෙමින් පවතින බව හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ ප්‍රකාශ කළා.
පැවති වියළි කාලගුණ තත්ත්වය හමාර කරමින් ඊයේ පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික්කයට ඇද හැලුණු වර්ෂාවත් සමග හට ගත් සුළං තත්ත්වය හේතුවෙන් ඇතැම් ස්ථානවල නිවාසවලට හානි සිදුව ඇති බව මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.
මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 67කට, නානට්ටන ප්‍රදේශයේ නිවාස 42කට සහ මන්නාරම නගර සභා සීමාවේ නිවාස 3කට සුළං තත්ත්වයෙන් හානි සිදුව තිබෙනවා. එමෙන්ම, එම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නිවාස මතට ගස් කඩා වැටීම් ද වාර්තා වනවා.
මීට අමතරව ඊයේ ඇද හැලුණු වර්ෂාවත් සමඟ වව්නියාවේ ප්‍රදේශ කිහිපයක් හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් පවුල් 55කට අයත් පුද්ගලයින් 156කට පීඩාව සිදුව තිබෙනවා.
වව්නියාව - මරක්කාරම්පලෙයි ග්‍රාම සේවා වසමේ නිවාස 5කට සහ නෙලුකුලම් ග්‍රාම සේවා වසමේ නිවාස 7කට සහ ගනේෂපුරම් ප්‍රදේශයේ නිවාස 32කට සුළගින් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.මිට අදාළ නිවේදනය පහතින් .......

Share This Article