6 සිට 13 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි
Wednesday, 02 September 2020 - 8:44 | Views - 517
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කරමින් සිසුන් ගෙන්වා ගනු ලැබුවාද අද සිට සියලුම පාසල්වල හය ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන් සතියේ දින පහම පාසලට පැමිණිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව පාසල් පෙරවරු 7.30 ට ආරම්භ වී පස්වරු 1.30 දක්වා පන්ති පැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත් 1 වන ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන් පාසලට පැමිණිය යුත්තේ ලබන 8 වනදා සිටයි.
එදින සිට පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේ.
එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඕස්ටේ්‍රලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු ඊයේ මත්තල ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා.
Share This Article