විදේශ රටවලට පැනගොස් සිටින පාතාල සහ, කුඩු ජාවාරම්කරුවන් 19 දෙනෙකු අල්ලන්න රතු වරෙන්තු
Tuesday, 01 September 2020 - 14:17 | Views - 461

අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරුවෙකු මුදා හැරීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පානදුර - දකුණ පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙම පොලිස් පරීක්ෂකවරයා අදාළ කාන්තාවට වට්ඇප් මාර්ගයෙන් සිය නිරුවත් දර්ශන යොමු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
ඊයේ දිනයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සබදතා පැවැත්වීමේ චෝදනාවට ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට ද පොලීසිය පියවර ගනු ලැබුවා.
මොහු පසුගිය දා මොරටුව ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර, දැනට විදේශ රටවලට පැන ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 13 දෙනෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය රතු වරෙන්තු ලබාගෙන තිබෙනවා.
මෙම අපරාධකරුවන් සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් අධිකරණ රැසකින් මෙම රතු වරෙන්තු ලබාගෙන ඇති අතර, ඒවා ජාත්‍යන්තර පොලීසියට මේ වන විට යොමු කර ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.
මෙලෙස රතු වරෙන්තු ලබාගෙන ඇති සංවිධානාත්මක අපරාධකරුවන් අතරට ගමගේ සුරංග හෙවත් වැල්ලේ සුරංග, සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී, සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් කුඩු අංජු නැමැත්තන් ද අයත්.
Share This Article