අගමැති උපදෙස් අනුව කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය වෙයි
Tuesday, 01 September 2020 - 14:10 | Views - 437
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ලබන 17 වන දා සිට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතයි.
කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම්දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.
එම කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න සහ අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂට සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළදපොළේ කටයුතු අඩපණ වූ බවත්, ඩිජිටල්කරණයට ලක්කිරීමෙන් කොටස් වෙළදපොළ නව මුහුණුවරකින් කටයුතු කළ හැකි බවයි.
Share This Article