වියළි කාලගුණය නොවැම්බර් දක්වා
Tuesday, 01 September 2020 - 13:17 | Views - 439
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය ලබන නොවැම්බර් මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද, හෙට සහ අනිද්දා යන දිනයන්වලදී බොහෝ ප්‍රදේශවලට තාවකාලික වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක  ප්‍රකාශ කළේ.

බලංගොඩ - කල්තොට - වේලිඔය නගරය අවට ප්‍රදේශයට ඊයේ පස්වරුවේ අයිස් වැස්සක් පතිත වූ බවට වාර්තා වනවා.

මාසයකට ආසන්න කාලයක් පැවති වියළි කාලගුණ තත්ත්වය නිමා කරමින් ඇද හැළුණු වැසිත් සමඟ මෙලෙස අයිස් වැස්සක් පතිත වූ බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

වසරේ මුල සිට වියළි කාලගුණය පැවති ඇතැම් ප්‍රදේශවලට පසුගිය සති කිහිපයේ වැසි ඇති වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.

එමෙන්ම ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව බලපෑ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. වව්නියාව, මුලතිව් සහ රිදීමාලියද්ද යන ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ මෙලෙස තද සුළං ඇති වූ බවයි වාර්තා වන්නේ.

වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවලට වර්ෂාවත් සමඟ මෙලෙස තද සුළං ඇති වී ඇති අතර, ඒ හේතුවෙන් නිවාස 60කට පමණ හානි සිදුව තිබෙනවා.

එමෙන්ම, රිදීමාලියද්ද, කරව්තැන්න ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් ද මාර්ග කිහිපයකට ගස් කඩා වැටී තිබූ බවටයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොස්ගම, අවිස්සාවේල්ල, පිළියන්දල, මහරගම, කඩුවෙල, හෝකන්දර, නාවල සහ කෝට්ටේ යන කොළඹ දිස්ත්‍රික්කයේ උස් බිම් ප්‍රදේශවල මෙලෙස ජල සැපයුමට බාධා ඇති විය හැකියි.

ඊට අමතරව කැළණිය, වත්තල, බියගම, දොම්පේ, පමුණුවිල, උඩුපිල, රතුපස්වල සහ යක්කල යන ප්‍රදේශවලට ද ජල සැපයුමට බාධා විය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය කියා සිටියේ.

පානදුර, වාද්දූව, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවලට ද යම්තාක් දුරකට ජල සැපයුමට බාධා සිදුවිය හැකි වනවා.

එසේම, මෙම තත්ත්වයත් සමඟ පානීය ජලය හැකිතාත් දුරට අරපිරිමැස්සෙන් භාවිතා කරන ලෙසට ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top