නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට නිදහස් පක්ෂ සහය ලබාදෙනවා
Tuesday, 01 September 2020 - 13:07 | Views - 396
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා නිදහස් පක්ෂය සම්පූර්ණ සහය ලබා දෙන බව එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ හෙටට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ආගමික වැඩසටහනක් ද බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී හෙට පස්වරු 6 ට පැවැත්වෙන බවයි.
Share This Article