බන්ධනාගාරය තුලට මත්ද්‍රව්‍ය විසිකළ දෙදෙනෙක් අත්අඩංගුවට
Tuesday, 01 September 2020 - 10:34 | Views - 449
කළුතර උතුර සිරිලන්ද බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය විසිකළ පුද්ගලයින් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුදගලයින් දෙදෙනා මෙලෙස බන්ධනගරය තුළට විසිකර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් අඩංගු කරන ලද බෝලයක් සහ ජංගම දුරකථනයක්.
මේ අතර අගුරුවාතොට, කුඩායාලේ පදිංචි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රාජකාරී නියුතු යුධ හමුදා සෙබලෙක් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පසුව සිදුකරන විමර්ශන වලදී මොහු විසින් නිවසේ වගා කර තිබූ ගංජා පැලයක්ද සොයාගත් බව සඳහන්.
එමෙන්ම හෙරොයින් පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙකක් ද ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීගහවත්තේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වූ පුද්ගලයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
Share This Article