වෙළදපොළේ අලෙවි කිරීමට ඇති කහ පිළිබදව අවදානයෙන් සිටින්නැයි උපදෙස්
Tuesday, 01 September 2020 - 9:12 | Views - 573
ජනතාව කහ මිලදී ගැනීමේදී ඒ පිළිබදව දැඩි අවදානයෙන් පසුවන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය ඉල්ලීමක් කරනවා.
ඊට හේතු වී ඇත්තේ හිඟය හේතුවෙන් කෘත්රිම කහ වර්ග වෙළඳපොළට වැඩි වශයෙන් පැමිණීමයි.
තිරිඟු පිටි සහ සහල් පිටි කවලම් කර ඊට කහ වර්ණය යෙදීම සඳහා ඩයි වර්ග ද උපයෝගී කරගෙන කෘත්රිම කහ නිෂ්පාදනය කර වෙළදපොළට පැමිණෙන බව පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටියා.
මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව තුළ වැටලීම් 120ක් ද සිදුකර තිබෙනවා.
ඒ අතරින් සාම්පල් 40ක් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර, ඉන් සාම්පල් 19ක්ම කෘත්රිම කහ බවට අනාවරණ වුණා.
Share This Article