දළදා මාළිගාවේ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන අලුත්ම අනාවරණය
Tuesday, 01 September 2020 - 9:02 | Views - 543
මහනුවර ශ්‍රී දළදා මාළිඟාවේ නිළ වෙබ් අඩවියට එල්ල කළ සයිබර් ප්‍රහාරය නයිජීරියාවේ සිට සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවදළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
හැකර්වරුන් විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් අඩපණ වූ මහනුවර ශ්‍රී දළදා මාළිඟාවේ නිළ වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දළදා මාළිගාවේ නිළ වෙබ් අඩවියට ඊයේ (31) අවස්ථා දෙකකදී සයිබර් ප්‍රහාර දෙකක් එල්ල වී තිබුණා.
පසුගියදා අවසන් වූ ඇසළ පෙරහර මංගල්‍යය දළදා මාළිගාවේ නිළ වෙබ් අඩවියෙන් විකාශය කිරීමත් සමඟ වෙබ් අඩවිය සඳහා එක්වූ පිරිස සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණා.
ඒ හේතුවෙන් එම වෙබ් අඩවිය වාණිජමය වටිනාකමක් සහිත වෙබ් අඩවියක් බවට සිතා හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.
Share This Article