දෙදරීම ගැන සොයන්න, තවත් භූ විද්‍යා කණ්ඩායමක් මහනුවරට
Tuesday, 01 September 2020 - 8:41 | Views - 309
මහනුවර ප්‍රදේශ කිහිපයක සිදුවු බවට පැවසෙන අසාමාන්‍ය දෙදරීමේ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා තවත් කණ්ඩායමක් එම ප්‍රදේශවලට යෙදවීමට භූ විද්‍යා කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් අදාළ ප්‍රදේශවල සංචාරය කර තවදුරටත් ඒ පිළිබදව විමර්ශන සිදුකරනු ඇති.
පසුගිය 29 වන දා රාත්‍රියේ මහනුවර - තලාතුඔය, ගුරුදෙනිය, හාරගම සහ අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අසාමාන්‍ය දෙදරීම් තත්ත්වයක් හට ගත්තා.
ඒ අනුව භූ විද්‍යා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර, එහි වාර්තාව ඊයේ දිනයේ එම කාර්යාංශයට ලැබී තිබුණා.
ඊට අදාල දත්ත සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි ඒ පිළිබදව වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා 6 දෙනෙකුගෙන් යුත් අදාළ කමිටුව එම ප්‍රදේශවලට පිටත් කර යැවීමට තීරණය කර ඇත්තේ.
මීට අමතරව පරිඝනක තාක්ෂණය ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා තවත් කණ්ඩායමක් ද යෙදවීමට කටයුතු කළ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා කියා සිටියේ.
Share This Article