ඊයේ දිනට PCR පරීක්ෂණ 2020ක්
Tuesday, 01 September 2020 - 8:36 | Views - 396
පී.සී.ආර්. පරීක්ෂණ 2020ක් ඊයේ (31) දිනයේදී සිදුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව මෙරට පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂ 26,111ක් සිදුකර ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම, අද වන විට පුද්ගලයින් 35,142ක් නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.
අද (01) දිනය තුළ දී හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායනය මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 187 දෙනෙකු එම ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.
Share This Article