අයිතිකරු නොදැන බැංකු ගිණුමෙන් සල්ලි ගන්න අලුත්ම ජාවාරම
Monday, 31 August 2020 - 16:39 | Views - 4,159
යුරෝපීය රටවල රැකියා ලබාදෙන පවසා බැංකු ගිණුම්වලින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව පොලිසිය විසින් අද මහජනතාව දැනුවත් කළා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තොරතුරු හා මාධ්‍ය දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි.
එහිදී වංචාකරුවන් විසින් උපායමාර්ගිකව පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් වංචාවක් සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article