තායිවානයේ සරුංගල් උත්සවයකට සහභාගී වූ අවුරුදු තුනක දැරියක් ඇය යවමින් සිටි සරුංගලයත් සමඟ ඉහළ අහසට ඇදී ගොස් තිබෙනවා.
මෙම දැරිය අඩි 100 ක් පමණ ඉහළ අහසට ඇදී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
ඇය මෙම සිදුවීමට ලක්ව ඇත්තේ, ඊයේ දිනයේදී තායිවානයේ, හින්චු නගරයේ පිහිටි නන්ලියාවෝ වරායේ පැවති සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටියදීයි.
එකවර ඇති වූ සුළං තත්ත්වයක් සමග ඇය මෙලෙස ගුවන්ගතව ඇති බවයි එහි සිටි පිරිස් මාධ්‍ය වෙත කියා සිටියේ.
අදාළ දැරිය අවස්ථා කිහිපකයදී ඉහළ අහසටත් යළි පොළොව දෙසටත් ඇදී එන අයුරු සහිත වීඩියෝවක් ද මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ උත්සවයට සහභාගී වූ පිරිසක් විසින් ඇය බේරාගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.



