අඩි 100ක් සරුංගලේ සමඟ උඩගිය අවුරුදු 03ක් දැරිය
Monday, 31 August 2020 - 14:03 | Views - 1,053
තායිවානයේ සරුංගල් උත්සවයකට සහභාගී වූ අවුරුදු තුනක දැරියක් ඇය යවමින් සිටි සරුංගලයත් සමඟ ඉහළ අහසට ඇදී ගොස් තිබෙනවා.
 
මෙම දැරිය අඩි 100 ක් පමණ ඉහළ අහසට ඇදී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

ඇය මෙම සිදුවීමට ලක්ව ඇත්තේ‍, ඊයේ දිනයේදී තායිවානයේ, හින්චු නගරයේ පිහිටි නන්ලියාවෝ වරායේ පැවති සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටියදීයි.
 
එකවර ඇති වූ සුළං තත්ත්වයක් සමග ඇය මෙලෙස ගුවන්ගතව ඇති බවයි එහි සිටි පිරිස් මාධ්‍ය වෙත කියා සිටියේ.
 
අදාළ දැරිය අවස්ථා කිහිපකයදී ඉහළ අහසටත් යළි පොළොව දෙසටත් ඇදී එන අයුරු සහිත වීඩියෝවක් ද මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
 
කෙසේ වෙතත් අදාළ උත්සවයට සහභාගී වූ පිරිසක් විසින් ඇය බේරාගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top