IPL තරගාවලියෙන් සුරේෂ් රයිනා ඉවත් වූ ඇත්ත හේතුව හෙළිවෙයි
Monday, 31 August 2020 - 13:23 | Views - 312
ජයග්‍රාහී මානසිකත්වය අධික වන විට ඔවුන්ගේ හැසිරීම් වෙනස් වන බව ඉන්දිය ක්‍රිකට් කමිටුවේ හිටපු සභාපති ශ්‍රීනිවාසන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන සුරේෂ් රයිනා ඉන් ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

අයි.පී.එල් තරගාවලිය ආරම්භවී නොමැති බැවින් ඉදිරියේදී ඔහුට කෝටි 11ක ආදායමක් අහිමි වනු ඇති බව ද හිටපු සභාපතිවරයා ප්‍රකාශ කළ බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

මෙම තරගාවලියෙහි ක්‍රීඩා කළ යුතු බවට කිසිදු ක්‍රීඩකයෙකුට බලපෑම් නොකරන බවත්, අකමැති ක්‍රීඩකයින් හට ඉන් ඉවත්ව යා හැකි බවත් ශ්‍රීනිවාසන් පවසනවා.

කෙසේ වෙතත්, චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි හට මෙම අවස්ථාවට ඉතා හොඳින් මුහුණ දිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පසුගියදා සිය පෞද්ගලික හේතුවක් මත, සුරේෂ් රයිනා අයි.පි.එල් තරගාවලියෙන් ඉවත්ව යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රීනිවාසන් සිදු කළ ප්‍රකාශයත් සමඟ, සුරේෂ් රයිනා කණ්ඩායමෙන් ඉවත්වීමට ක්‍රීඩකයින් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතු වන්නට ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග පවසන්නේ.

ඉන්දියාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අධික ලෙස සිදුවන එහෙයින් මෙවර අදාළ තරගාවලි ඩුබායිහිදී පැවැත්වීම ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.

චෙන්නායි කණ්ඩායම ඩුබායි බලා පිටත්ව යාමට මත්තෙන් චෙන්නායිහිදී සිය පුහුණුවීම් ආරම්භ කළ අතර ඊට සුරේෂ් රයිනා දැඩි ලෙස විරෝධය පළ කළ බව ද සඳහන්.

කෙසේ වෙතත්, රයිනාගේ විරෝධය නොතකා දෝණි විසින් අත්තනෝමතිකව මම පුහුණු කඳවුරු පැවැත්වූ බව ද වාර්තා වනවා.

එමෙන්ම පසුගියදා චෙන්නායි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවයි ඉන්දිය ක්‍රිකට් කමිටුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පිරිසට කොරෝනා ආසාදනයවීමත් සමඟ දෝණි හා රයිනා අතර බහින් බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහු අදාළ තරගාවලියෙන් ඉවත්ව යළි ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි ඩුබායි ආරංචි මාර්ග උපුටා දක්වමින්, ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top