ඇමරිකාවේ ජනාධිපතිවරු තිදෙනෙක්ම,සිය සංගීතයෙන් මුසපත් කළ අපේ කොල්ලෙක්- මහේෂ් බාලසූරිය
Monday, 31 August 2020 - 13:10 | Views - 2,215
මහේෂ් බාලසූරිය ,ඔහු දක්ෂ හා ඉතා පළපුරුදු පියානෝ වාදකයෙක් , වර්ෂ 1984දී උපත ලබා දැනට ඇමරිකාවේ ජීවත්වෙන ඔහු ඇමරිකාවේ ජනපතිවරු තිදෙනෙක්ම ඉදිරියේදීම සිය හැකියාවන් විදහා පෑ තරුණයෙකි.
එක්සත් ජනපදයේ 44 වන ජනාධිපති බැරැක් ඔබාමා වෙනුවෙන් 2014 දී ධවල මන්දිරයේදී තම හැකියාවන් ඉදිරිපත් කළ මහේෂ්, ජෝර්ජ් වොෂින්ටන් බුෂ් සහ බිල් ක්ලින්ටන් යන ජනපතිවරු ඉදිරියේදීද තම හැකියාවන් පෙන්වා තිබේ.
මහේෂ් ඉපදුනේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ හොලිවුඩ් නගරයේ . ඔහුගේ දෙමව්පියන් ගාමිනි සහ අයේෂා බාලසූරිය .
ඔහු සුප්රසිද්ධ ග්රැමී සම්මාන ලාබී "නැටලි කෝල් "ගේ පියානෝ වාදකයා ලෙස ඇය මිය යනතුරුම සේවය කර ඇත. මහේෂ් බාලසූරියත් ගැමී සම්මානයට නම් කරනු ලැබූ පියානෝ වාදකයෙකි .
ඔහුගේ පියානෝ වාදන වීඩියෝවක් පහතින්....................
Share This Article