ප්‍රංශයේ දරුකමට ගිය මනෝරි වසර 34 ක් සුරැකිව තබාගෙන සිටි ඡායාරූපයකුත් සමග ලංකාවේ වැදූ මව සොයයි
Monday, 31 August 2020 - 12:35 | Views - 856

මාස ගණනක් වැනි ඉතා බිලිඳු අවධියේ දී දරුකමට හදා ගැනීම සඳහා ප්‍රංශයට ගෙන ගිය ශ්‍රී ලාංකික දැරියක වන මනෝරි නම් යුවතිය තම ලංකාවේ ජීවවිද්‍යාත්මක මව (වැදූ මව) සොයා දෙන්නැයි ආයාචනය කරන්නීය.
ඒ සම්බන්ධයෙන් ඉඟියක් ලබා ගැනීම සඳහා වසර 34 ක් පමණ කාලයක් ඇය සුරැකිව තබා ගෙන සිටි ඡායාරූප කිහිපයක් ද ලංකාවේ ඥාතීන්ගේ මතකයන් අවදි කරවීම සඳහා පළ කිරීම පිණිස අප වෙත එවා තිබේ.
එම තොරතුරුවලට අනුව ඇය ඉපැදී ඇත්තේ 1986 ඔක්තෝබර් 09 වැනිදා රාගම රෝහලේදීය. මවගේ නම ලෙස එහි සඳහන්ව ඇත්තේ ලත්පඳුරගෙදර කාන්ති යනුවෙනි.
පාතුම්බුරේගෙදර උඩුගම සහ පන්නම්පිටිය ගලේවෙල, මැල්සිරිපුර ඇය ජීවත් වූ ප්රදේශයි. තම මව පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා මනෝරි වතාවක් ප්‍රංශයේ සිට ලංකාවට පැමිණියත් එය සාර්ථක වී නැත.
මෙහි පළවන ඡායාරූප ගෙන තිබෙන්නේ එකල මේ සම්බන්ධයෙන් කටයුතු කළ කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදීය. මේ ප්‍රවෘත්තිය දකින ඇගේ මවට හෝ ඥාතියකුට 077 2114795 දුරකථනයෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැකිය.
බොහෝවිට දරුවන් විදේශයන්ට දීමේ කටයුතුවලදී ඉදිරිපත් කර තිබෙන තොරතුරු සියයට සියයක්ම නිවැරැදි වන්නේ නැත. ඒ නිසා අදාළ කාලසීමාවලදී මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් අයට මේ අංකය හා සම්බන්ධ වීමෙන් තම දරුවන් පිළිබඳ තොරතුරු දැන ගත හැකිය.
මව්බිම
තිස්ස කොරතොට
Share This Article