ප්‍රංශයේ දරුකමට ගිය මනෝරි වසර 34 ක් සුරැකිව තබාගෙන සිටි ඡායාරූපයකුත් සමග ලංකාවේ වැදූ මව සොයයි
Monday, 31 August 2020 - 12:35 | Views - 857
මාස ගණනක් වැනි ඉතා බිලිඳු අවධියේ දී දරුකමට හදා ගැනීම සඳහා ප්‍රංශයට ගෙන ගිය ශ්‍රී ලාංකික දැරියක වන මනෝරි නම් යුවතිය තම ලංකාවේ ජීවවිද්‍යාත්මක මව (වැදූ මව) සොයා දෙන්නැයි ආයාචනය කරන්නීය.

ඒ සම්බන්ධයෙන් ඉඟියක් ලබා ගැනීම සඳහා වසර 34 ක් පමණ කාලයක් ඇය සුරැකිව තබා ගෙන සිටි ඡායාරූප කිහිපයක් ද ලංකාවේ ඥාතීන්ගේ මතකයන් අවදි කරවීම සඳහා පළ කිරීම පිණිස අප වෙත එවා තිබේ.
 
එම තොරතුරුවලට අනුව ඇය ඉපැදී ඇත්තේ 1986 ඔක්තෝබර් 09 වැනිදා රාගම රෝහලේදීය. මවගේ නම ලෙස එහි සඳහන්ව ඇත්තේ ලත්පඳුරගෙදර කාන්ති යනුවෙනි.
 
පාතුම්බුරේගෙදර උඩුගම සහ පන්නම්පිටිය ගලේවෙල, මැල්සිරිපුර ඇය ජීවත් වූ ප්‍රදේශයි. තම මව පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා මනෝරි වතාවක් ප්‍රංශයේ සිට ලංකාවට පැමිණියත් එය සාර්ථක වී නැත.
 
මෙහි පළවන ඡායාරූප ගෙන තිබෙන්නේ එකල මේ සම්බන්ධයෙන් කටයුතු කළ කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදීය. මේ ප්‍රවෘත්තිය දකින ඇගේ මවට හෝ ඥාතියකුට 077 2114795 දුරකථනයෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැකිය.
 
බොහෝවිට දරුවන් විදේශයන්ට දීමේ කටයුතුවලදී ඉදිරිපත් කර තිබෙන තොරතුරු සියයට සියයක්ම නිවැරැදි වන්නේ නැත. ඒ නිසා අදාළ කාලසීමාවලදී මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් අයට මේ අංකය හා සම්බන්ධ වීමෙන් තම දරුවන් පිළිබඳ තොරතුරු දැන ගත හැකිය.
 
මව්බිම
තිස්ස කොරතොට

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top