අසූ හය වසරක් තිස්සේ නිමා නොවන පේ‍්‍රම කතාවක්
Monday, 31 August 2020 - 11:44 | Views - 417
දැනට ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම විවාහක යුවළ ඉක්වදෝරයෙන් හමුවී තිබේ.
 
 110 හැවිරිදි ජුලියෝ සීසර් මෝරා සහ 105 හැවිරිදි ඔහුගේ බිරිඳ මැක්ලොවියා ක්වින්ටෙරෝස්ගේ විවාහ ජීවිතයට මේ වන විට හැත්තෑ නව වසරක් ගතවී තිබේ.
 
 1910 මාර්තු 10 වැනිදා උපන් ජුලියෝ හා 1915 ඔක්තෝබර් 16 වැනිදා උපන් මැක්ලොවියා හමුවී තිබෙන්නේ එක්තරා පාසල් නිවාඩු කාලයකදීය. ඒ මැක්ලොවියාගේ සොයුරියක හා විවාහ වී සිටි ජුලියෝගේ ඥාති සහෝදරයකු නිසාය.
 
 පසුව පෙමින් බැඳුණු මේ දෙදෙනා හත් වසරක පේ‍්‍රම කතාවකට පසුව විවාහ වන්නේ 1941 පෙබරවාරි 7 වැනිදා තමන්ගේ මිතුරන් කීප දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති කුඩා රහසිගත විවාහ උත්සවකදීය. ඒ දෙපාර්ශ්වයේම වැඩිහිටියෝ මේ සම්බන්ධයට විරෝධය දැක්වීම නිසාය.
 
 එහෙත් පසු කලෙක මෙම දෙදෙනාට ඔවුන්ගේ දෙමාපියන්ගේ හා ඥාතීන්ගේ ආශිර්වාදයද ලැබිණි.
 
 වෘත්තියෙන් ගුරුවරුන් වූ මේ මේ දෙදෙනාට දරුවන් පස් දෙනෙකි. මේ පස් දෙනාටම මොවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දුන්හ. මේ දරුවන් පස් දෙනාට දරුවන් 11 දෙනෙකි. එම දරුවන් එකොළොස් දෙනාට දරුවන් 21 දෙනෙකි. එම දරුවන් 21 දෙනාටද මේ වන විට දරුවන් නව දෙනෙකි.
 
 ජුලියෝගේ සහ මැක්ලොවියාගේ වැඩිමහල් පුතු ඔහුට වසර 58 දී මිය ගොස් තිබේ. සෙසු දරුවන් තවමත් ජීවත් වෙති.
 
 වයස්ගතම විවාහක යුවළ ලෙස ගිනස් වාර්තාවද ඔවුන් සතුය. ඔවුන්ගේ විවාහ ජීවිතය හැත්තෑ නව වසරක් වුවද ඊට පෙර හත් වසරක් තිස්සේ පේ‍්‍රම කළ ඔවුන්ගේ ආදර කතාව අසූ හය වසරකි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top