ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 22දක්වා ඉහළට
Monday, 31 August 2020 - 11:28 | Views - 548
ලෙබනනයේ බේරූට් නුවර පසුගියදා සිදුවු පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න සඳහන් කළා.
ටොන් 2750 ක ඇමෝනියම් නයිට්‍රේට් සහිත ගබඩාවක් පුපුරා යාමෙන් පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 6,000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පිපිරීමෙන් පුද්ගලයන් ලක්ෂ 3ක පමණ පිරිසකට නිවාස අහිමිවුණා
Share This Article