තරුණයන් එච්.අයි.වී ආසාදනයට ගොදුරුවීම ඉහළට
Monday, 31 August 2020 - 9:23 | Views - 470
මෙරට වයස අවුරුදු 19 ත් - 25 ත් අතර පසුවන තරුණයින් අතර එච්.අයි.වී ඒඞ්ස් ආසාදනයවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒ්ඩ්ම් මර්දන වැඩසටනේ අධ්‍යක්‍ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

දිවයින පුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටනේ සායන වලින් සිදුකරන ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ දත්ත අනුව මෙම කණගාටුදායක තත්ත්වය හඳුනාගත හැකි වූ බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

මෙම වයස් කාණ්ඩය අතර ආසාදිතයින් හඳුනාගැනීම මෑතක සිට ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරන බව හඳුනාගෙන ඇතැයි ද අධ්‍යක්‍ෂවරිය කීවාය.

විද්‍යාත්මක ගණනය කිරීම් අනුව 2020 වසර වන විට  මෙරට එච්.අයි.වී ආසාදිතයින් 3600 ක් පමණ සිටිය යුතු වුවත් දැනට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටනේ සායනවල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබාගන්නේ 2000ක් පමණ ක් පමණ බව ද ඇය කීවාය.

ඉතිරි  1600 ක ප්‍රමාණය තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවත් ඔවුන් නිසා නීරෝගී පුද්ගලයින්ද ආසාදනය විය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බවද  ඇය පැවසුවාය.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top