රනිල් අද පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
Monday, 31 August 2020 - 8:24 | Views - 389
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණීමට නියමිතයි.

ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරි දිනකදී කැඳවීමට නියමිතව ඇති බැවින් එම ප්‍රකාශය ගැනීම සඳහා පොලිස් ඒකකයට පැමිණෙන ලෙසට කොමිසම ඔහුට දැනුම් දී තිබෙනවා.

ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට ඉකුත් 21 වනදා පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසට ජනාධිපති කොමිසම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී තිබුණා.

එහෙත් එදින තමාට පැමිණීමට නොහැකි බැවින් තමන් අද දිනයේ පැමිණීමට බලාපොරොත්තු වන බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමට දැනුම් දෙනු ලැබුවේ.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදුවන කාලවකවානුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ආරක්ෂක මණ්ඩලයටද සහභාගිවී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම මෙහි අරමුණ වී ඇති බව ද ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

පසුගිය 27 වනදා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මහගමසේකර මාවතේ පිහිටි නිවසට ගොස් පැය 9 කට අධික කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top