පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
Monday, 31 August 2020 - 8:22 | Views - 440
මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකියි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින අතර අද (31) දින දහවල් 12:10ට කරදික්කුලි, කප්පචිචි, නේරියකුලම, පුනෑව, පන්දිග්ගම, අඹගස්වැව, කන්නියාල් සහ උප්පුවේලි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Share This Article