පුත්තලම - අට්ටවිල්ලුව අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Monday, 31 August 2020 - 8:16 | Views - 400
පුත්තලම, අට්ටවිල්ලුව ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (30) සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 76 හැවිරිදි කාන්තාවක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරට පත් කාන්තාව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසියේදී අනාවරණය වී ඇත්තේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ඔහු රිය පදවා ඇති බවයි.
සැකකාර රියදුරා අද (31) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article