මැස්සන්ගේ ආක්‍රමණයට ලක්වූ වනාතවිල්ලුවේ කාටුපුළියන්කුලම ගම්මානය
Sunday, 30 August 2020 - 14:26 | Views - 519

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුළියන්කුලම ගම්මානය මැස්සන් ආක්‍රමණය කර ඇති බවට හිරු රතු මිනිත්තුවට වාර්තා වුණා.
ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ අක්‍රමත් ආකාරයෙන් පවත්වා ගෙන යන මහා පරිමාණ කුකුල් ගොවිපලක් හේතුවෙන් බවයි.
අක්කර විසි පහකට ආසන්න පුද්ගලික ඉඩමක වසර පහලොවක පමණ කාලයක සිට මෙම මහා පරිමාණ කුකුළු ගොවිපල පවත්වාගෙන යනවා.
ගම්වාසීන් චෝදනා කරන්නේ ගොවිපලෙන් ඉවත ලන සත්ත්ව කොටස් නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදා හැරීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ මෙම මැසි උවදුරට තමන් මුහුණ දෙන බවටයි.
එමෙන්ම කුකුල් කොටුවල මළ මිශ්‍ර අපද්‍රව්‍ය නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීම නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පවතිනවා.
දිනපතා වැඩිවන මෙම මැසි උවදුර හේතුවෙන් මෙම ගම්මානයේ පවුල් 200ට ආසන්න පිරිසක් මේවන විට උග්‍ර සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දී ඇති තිබෙනවා.
ගම්වාසීන් චෝදනා කරන්නේ තමන් මුහුණ දී ඇති මෙම මැසි උවදුර සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන් වෙත වාචිකව මෙන්ම ලිඛ්තව දැනුම් දීම් සිදුකලද ඒ සදහා නිසි පිලිතුරක් නොලැබුණු බවටයි.
කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම නොඅඩුව මුහුණ දී සිටින මෙම මැසි උවදුරෙන් මෙම ජනතාව මුදා ගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවන තුරු රතු මිනිත්තුව අවධානයෙන්.
Share This Article