තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු සුවය ලබයි - නව ආසාදිතයන් තුන්දෙනෙක්
Sunday, 30 August 2020 - 13:46 | Views - 974
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2998ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඔවුන් මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින තුන්දෙනෙක්.
ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් මේ වන විට 126 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සංඛ්‍යාව ද 2860ක් දක්වා ඉහළ ගියා.
මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 12ක්
Share This Article