නීතිවිරෝධීව ආනයනය කළ කහ කිලෝ 1428 ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට
Sunday, 30 August 2020 - 13:35 | Views - 418
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ කහ කිලෝග්‍රෑම් 1428 ක් කල්පිටිය - ඉන්පත්තිව් දූපතේදී  නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය නාවික කඳවුරේ නිලධාරීන් ඊයේ අලූයම සිදුකළ වැටලීමකදියි.

මෙහිදී කොටියාකුඹුර සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් හයදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සුඛෝපභෝගී වෑන් රථයක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට මෙරට මුහුදු තීරයට වෙනත් බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කර ඇති කහ තොගය එම ස්ථානයේ සිට කල්පිටිය - ඉන්පන්තිව් දූපතට බෝට්ටුවක් මගින් ගෙනවිත් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් කහ තොගය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top